අඩු මිලට අලිමංකඩින් එන ” රජ ලුණු “

අඩු මිලට අලිමංකඩින් එන ” රජ ලුණු “

ජාතික ලුණු සමාගමට අයත් අලිංමකඩ ලුණු ලේවායේ නව මේස ලුණු කර්මාන්තශාලාව මගින් අයඩීන් මිශ්‍ර ලුණු ”රජ ලුණු” යන නමින් කිලෝග්‍රෑම් 01 සහ ග්‍රෑම් 400 මේස ලුණු පැකට් අඩුම මිලක් යටතේ ඉදිරියේදී පාරිභෝගික ජනතාවට ලබාගැනීමට හැකියාව හිමි වනවා

අලිමංකඩ ලුණු කර්මාන්තශාලාවේ නව මේස ලුණු නිෂ්පාදනාගාරය අද (29) විවෘත කෙරුණේ කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන්

එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ නවීන අංගෝපාංග සහ පහසුකම්වලින් සමන්විත මෙම කර්මාන්ත ශාලාවෙන් පැයකට ලුණු මෙට්ට්‍රික් ටොන් 05ක් නිෂ්පාදනය කිරීමේ හැකියාව පවතින බවයි

එමෙන්ම මෙම කර්මාන්ත ශාලාව තුළින් සෘජු හා වක්‍ර රැකියා 450ක් පමණ ජනිත කිරීමේ හැකියාව පවතින බව සඳහන්

එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ රටේ ජනතාවගේ අවශ්‍යතාවයට සරිලන ලුණු නිෂ්පාදනය කර අනතුරුව අතිරික්තය අපනයනය කිරීමට බලාපොරොත්තුවන බවයි

එම ඉලක්කය වසර 2ක් හෝ 03ක් ඇතුළත ඉටු කර ගැනීමේ හැකියාව ලැබෙනු ඇති බව ද ඔහු මෙහිදී සඳහන් කළා

Share This