
අණ නොතකා ගිය යතුරුපැදිකරුට පොලිසියෙන් වෙඩි
මිනුවන්ගොඩ ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා ගම්පහ රෝහලට ඇතුළත් කර තිබෙනවා. ඒ මිනුවන්ගොඩ මාර්ග බාධකයක මත්ද්‍රව්‍ය පරීක්ෂා කිරීමේදී ඇති වූ ගැටුමකදී.
පොලිස් අණ නොතකා ධාවනය වූ යතුරු පැදියක් ලුහුබැඳ ගොස් මිනුවන්ගොඩ ප්‍රභාගම ප්‍රදේශයේ අත්අඩංගුවට ගනිද්දී එහි එක් සැකකරුවකු කලහාකාරි ලෙස හැසිරී පොලිස් නිලධාරීයකු අත තිබූ ගිනි අවියක් උදුරා ගැනීමට තැත් කරද්දී තවත් නිලධාරියකු සැකකරුගේ පාදයට වෙඩි තබා මෙල්ල කළ බව පොලිසිය පවසයි.
සැකකරුවන් සතුව තිබූ මත් කුඩු ග්‍රෑම් හයක් ද පොලිස් බාරයට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද වාර්තා වෙයි.