අත්අඩංගුවට ගත් රියදුරෙක් ඇප මත නිදහස් කිරීමෙන් වීරකැටිය රත් වෙයි

අත්අඩංගුවට ගත් රියදුරෙක් ඇප මත නිදහස් කිරීමෙන් වීරකැටිය රත් වෙයි

මෝටර් රථයක ගැටී පුද්ගලයෙකු මියයාමේ සිද්ධියකට අදාලව පොලිසිය නිසි පරිදි ක්‍රියාත්මක නොකරන බව පවසමින් පිරිසක් විරෝධතාව පළ කිරීමත් සමඟ ඊයේ (28) තංගල්ල, වීරකැටිය නගරයේ දැඩි උණුසුම් තත්ත්වයක් හටගත්තා.

විරෝධතාකරුවන් පැවසුවේ අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථය පදවා ඇත්තේ කාන්තාවක් වුවත් පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත්තේ පිරිමි පුද්ගලයකු වන බවයි.

වීරකැටිය ප්‍රදේශයේ පදිංචි මාළු වෙළඳසැලක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු පසුගිය සිකුරාදා සිය මාළු වෙළඳසැල සැලෙහි සිට නිවස දෙසට යාමට පාර මාරුවන අවස්ථාවේදී වීරකැටිය මිද්දෙණිය ප්‍රදේශයේ සිට පැමිණි මෝටර් රථයක ගැටීමෙන් අනතුරුට පත්වුණා.

මෙසේ මියගොස් ඇත්තේ වීරකැටිය පොළ ඉදිරිපිට පදිංචිව සිටි රත්නවීර පටබැඳිගේ මංජුල නැමැති හතළිස් හත් හැවිරිදි සිව් දරු පියෙක්.

අනතුර සිදු කළ මෝටර් රථය පැදවූ බවට වීරකැටිය පොලිසිය විසින් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහු ඇප මත මුදාහැරිමටයි කටයුතු කර ඇත්තේ.

කෙසේ වෙතත් අදාළ පුද්ගලයා ඇප මත නිදහස් කිරීමට විරෝධය පළ කරමින් සහ සාධාරණ පරීක්ෂණයක් ඉල්ලමින් ප්‍රදේශවාසීන් පිරිසක් වීරකැටිය මිද්දෙණිය මාර්ගය වෙත පැමිණ විරෝධතාවයේ නිරත වුණා.

පැය දෙකකට ආසන්න කාලයක් මෙම විරෝධතාවය පැවති අතර තංගල්ල සහකාර පොලිස් අධිකාරීවරයා එම ස්ථානයට පැමිණ පිරිස සමඟ සාකච්ඡා කර සාධාරණයක් ඉටු කරන දෙන බවට ප්‍රකාශ කිරීමෙන් අනතුරුවයි පැමිණ සිටි විරෝධතාකරුවන් විසිර ගියේ.

Share This