අත්තනගලු ඔය ද්‍රෝණිය සඳහා වන ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත්

අත්තනගලු ඔය ද්‍රෝණිය සඳහා වන ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත්

අත්තනගලු ඔය ද්‍රෝණිය සඳහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.

ඒ අනුව ඉදිරි පැය 48 සඳහාද එම අනතුරු ඇඟවීම දීර්ඝ කෙරෙන බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

දෙහිඕවිට, රුවන්වැල්ල, සීතාවක, දොම්පේ, හෝමාගම, කඩුවෙල, බියගම, කොළොන්නාව, කොළඹ සහ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් කැළණි ගංගා නිම්නයේ පහත් බිම් ප්‍රදේශවල පදිංචි ජනතාව මෙන්ම එම මාර්ග හරහා ගමන් ගන්නා රියදුරන් දැඩි සැලකිල්ලෙන් කටයුතු කරන ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දෙනවා.

Share This