අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල තවත් පහළට

අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල තවත් පහළට

ලංකා සතොස අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය  12ක මිල පහළ දමා තිබෙනවා.

ඒ අනුව, සුදු සීනි 1kg රුපියල් 9කින් මිල අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 249ක් වනවා

එමෙන්ම කීරි සම්බා 1kg රුපියල් 12කින් මිල අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 248ක්

ආනයනික අර්තාපල් කිලෝවක මිල රුපියල් 45කින් පහත දමා තිබෙනවා

ඒ අනුව එහි නව මිල වන්නේ රුපියල් 230ක්.

මේ අතර සුදු කව්පි 1kg රුපියල් 42කින්, ඉන්දියානු ලොකු ලූනු, මුං ඇට, රතු කව්පි 1kg රුපියල් 30කින් අඩුකර තිබෙනවා

රතු පරිප්පු 1kg රුපියල් 10කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 280ක්

මිට අමතරව වියළි මිරිස්, හාල් මැස්සන්, දේශීය සුදු කැකුළු සහල් සහ කඩල යන ද්‍රව්‍යවල ද මිල අඩු කිරීමටයි ලංකා සතොස පියවර ගෙන ඇත්තේ

Share This