අතුරුදන්ව සිටින ධීවරයින් සොයා තවදුරටත් මෙහෙයුම් (VIDEO)

අතුරුදන්ව සිටින ධීවරයින් සොයා තවදුරටත් මෙහෙයුම් (VIDEO)

දෙවුන්දරින් මුහුදු ගිය බහුදින ධීවර යාත්‍රාවේ සහ තංගල්ල පරවිවැල්ල ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේදී බහුදින ධීවර යාත්‍රාවක් පෙරලීමෙන් අතුරුදන්ව සිටින ධීවරයින් සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.

මේ අතර බේරුවල මොරගල්ල ප්‍රදේශයේ ධීවර කටයුතු සඳහා මුහුදු ගිය යාත්‍රාවක් පෙරලී සිදුවූ අනතුරෙන් මිය ගිය අලුත්ගම ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ සහෝදරයින් දෙදෙනාගේ දේහයන් අද (30) ඔවුන්ගේ නිවෙස වෙත රැගෙන ආවා.

පසුගිය දින දෙක තුළ වාර්තා වූ ධීවර යාත්‍රා අනතුරට ලක්වීමේ සිදුවීම් හේතුවෙන් ධීවරයින් පස් දෙනෙකු මියගිය අතර තවත් දෙදෙනෙකු තවමත් අතුරුදන්ව සිටිනවා.

‘මැක්සිම් පුතා – 01 බහුදින ධීවර යාත්‍රාව තංගල්ල පරවිවැල්ල ධීවර වරාය ආසන්නයේදී ගල්පරයක වැදී අනතුරට ලක්ව තිබුණු අතර එහි සිටි අතුරුදන් ධීවරයා සොයා අද දිනයේත් මෙහෙයුම් ක්‍රියාත්මක කළා.

මේ අතර බේරුවල මොරගල්ල ප්‍රදේශයේදී ධීවර කටයුතු සඳහා මුහුදු ගිය යාත්‍රාවක් පෙරලී සිදුවූ අනතුරෙන් මිය ගිය අලුත්ගම ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ සහෝදරයින් දෙදෙනාගේ දේහයන් අද දිනයේ ඔවුන්ගේ නිවෙස වෙත රැගෙන ආවා.

 

Share This