
අතුරුදන් මල්ලවපොර උප සභාපතිව අල්ලන්න දැළ දැමූ හැටි
පසුගියදා දිවයිනෙන් පිටත්ව ගොස් තරග සංචාරය අතරතුර දී නෝර්වේ රාජ්‍යයේ ඔස්ලෝ නුවරින් අතුරුදහන් වූ මල්ලවපොර සම්මේලනයේ උප සභාපති මෙන්ම කණ්ඩායමේ කළමණාකරු වශයෙන් ද කටයුතු කළ ඩොනල්ඩ් ඉන්ද්‍රවංශ මහතා සම්බන්ධව පුළුල් විමර්ශන ක්‍රියාත්මක කරන බව ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග සඳහන් කළා.
2019 අංක 24 දරණ ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනතේ විධිවිධාන අනුව ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය සහ ජාත්‍යන්තර මල්ලවපොර සම්මේලනයටත්, නෝර්වේ මල්ලවපොර සම්මේලනයටත් ,අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනය විසින් මේ සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කර තිබෙනවා.
තරගාවලියට සහභාගීවීම සඳහා ලබාදුන් මුදල් ද අදාළ කළමනාකරවරයා විසින් රැගෙන ගොස් ඇත්දැයි එහිදී විමර්ශනය කිරීමෙන් අනතුරුව මේ පිළිබඳව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතයි.