අතුරුදන් වූ ඉන්දීය කඳු නගින්නා ජීවතුන් අතර

අතුරුදන් වූ ඉන්දීය කඳු නගින්නා ජීවතුන් අතර

නේපාලයේ Annapurna කන්ද තරණය කිරීමේ නිරතව සිටිය දී අතුරුදන් වූ ප්‍රසිද්ධ ඉන්දීය කඳු නගින්නෙකු වන Anurag Maloo නමැත්තා සොයාගෙන තිබෙනවා.

පසුගිය අප්‍රේල් 17 වනදා කඳු තරණයේ නිරතව පහළට බසිමින් සිටිය දී මීටර් 6000 ක උසක සිට ඔහු ඇඳ වැටී තිබුණා.

අනතුරුව සිදු කළ සෝදිසි මෙහෙයුම් අතරතුර දී 34 හැවිරිදි වියේ පසුවන Anurag Maloo සොයාගෙන තිබෙනවා.

කෙසේවෙතත් ඔහු අසාධ්‍ය තත්ත්වයේ පසුවන බැවින් රෝහල්ගත කර ඇති බව සඳහන්.

නේපාලයේ Annapurna කන්ද ලෝකයේ උසින් වැඩිම කඳු අතර 10 වන ස්ථානයේ පවතින කන්ද ලෙසයි සැළකෙන්නේ.

Share This