අතුරුදහන් වූ වෙළඳසැල් හිමිකරුගේ කැබ් රිය තුළින් පිළිස්සුණු මළ සිරුරක්

අතුරුදහන් වූ වෙළඳසැල් හිමිකරුගේ කැබ් රිය තුළින් පිළිස්සුණු මළ සිරුරක්

මොරවැව, පන්කුල ප්‍රදේශයේ කැලෑබද පෙදෙසක ගිනිතබා විනාශ කර ඇති කැබ් රථයක් තුළ තිබී පුළුස්සා දමා තිබූ මළසිරුරක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා

නිලාවේලි පාර, ඇලස්වත්ත ප්‍රදේශයේ පිහිටි වෙළඳසැලේ සිටි සිය ස්වාමිපුරුෂයා සහ ඔහුගේ කැබ් රථය පිළිබඳව තොරතුරක් නොමැති බවට ඔහුගේ බිරිඳ විසින් මොරවැව පොලිස් ස්ථානයට සිදු කරන ලද පැමිණිල්ලක් මත සිදු කළ විමර්ශනයේදීයි අදාළ කැබ් රථය සොයා ගෙන ඇත්තේ

මේ සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු හඳුනාගෙන ඇති අතර වයස අවරුදු 24 ක් වූ එම ප්‍රදේශයේම පදිංචි එක් සැකකරුවෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා

ඝාතනය සිදුකිරීමට භාවිතා කර ඇති බවට සැක ලී දණ්ඩක්ද සොයාගෙන ඇති අතර අනෙක් සැකකරුවන් සොයා විමර්ශන ක්‍රියාත්මක කර ඇති බවයි පොලිසිය පැවසුවේ

මියගිය පුද්ගලයා පැහැරගැනීමට ලක්වී ඇත්තේ පසුගිය 13 වන දින අළුයම වෙළඳසැල තුළදී බවට අනාවරණය වී තිබෙනවා

මෙම අපරාධය සම්බන්ධව රජයේ රස පරීක්ෂක වාර්ථාද ලබාගනිමින් උප්පුවේලි පොලිසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

Share This