
අදත් අලුයම වෙඩි තැබීමක් එක් පුද්ගලයෙක් මරුට
හිරණ, බටහිර මාලමුල්ල ප්රදේශයේ දී අද (29) අලුයම සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මියගොස් තිබෙනවා.
එම ප්රදේශයේ නිවසක පැවති සාදයක් අතරතුර නිවසට ඇතුළු වූ යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බව සඳහන්.
වෙඩි ප්රහාරයෙන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා පානදුර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඉන් එක් අයෙක් මියගිය බවයි හිරණ පොලිසිය සඳහන් කර සිටියේ.
මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 35ක් වන බටහිර මාලමුල්ල, පානදුර ප්රදේශයේ පදිංචිකරුවෙක් වන අතර තුවාල ලැබූ අනෙක් පුද්ගලයා වයස අවුරුදු 20ක් වූ එම ප්රදේශයේම පදිංචිකරුවෙක්.
T56 වර්ගයේ ගිනි අවියක් භාවිතයෙන් මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා හිරණ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරන බවයි වාර්තා වන්නේ.