අදත් වහින පාටක් තියෙන්නෙ

අදත් වහින පාටක් තියෙන්නෙ

අද දිවයිනේ උතුරු, උතුරු – මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

මේ අතර බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් එම නිවේදනයේ සඳහන්.

බෙංගාල බොක්ක අවට කලාපයේ අඩු පීඩන තත්ත්වය වර්ධනය වීමත් සමග දිවයිනේ ස්ථාන කිහිපයකටම ඊයේ දිනයේත් තද වැසි ඇතිවුණා.

Share This