අදානිගේ වංචා – හොයන්න ශ්‍රේෂ්ඨාධිකරණ කමිටුවක්

අදානිගේ වංචා – හොයන්න ශ්‍රේෂ්ඨාධිකරණ කමිටුවක්

ප්‍රකට ව්‍යාපාරිකයෙකු ලෙස සැළකෙන ගෞතම් අදානිට එරෙහිව අමෙරිකාවේ ආයතනයක් එල්ල කර ඇති චෝදනා සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විශේෂඥ කමිටුවක් පත් කර තිබෙනවා.

අදානි සමුහය කොටස් මිලට අනවශ්‍ය ලෙස සිදු කළ මැදිහත්වීම් සහ මූල්‍ය වංචා හේතුවෙන් අදානි සමුහයේ කොටස් මිල සීඝ්‍රයෙන් පහළ ගොස් විශාල මූල්‍ය අලාභයක් සිදුව ඇති බව Hindenburg Research නැමති ආයතනය සඳහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අදාල චෝදනා අදානි සමූහය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති අතර ඒ සඳහා සය පුද්ගල විශේෂඥ කමිටුවක් පත් කර ඇති බව සඳහන්.

විශ්‍රාමික විනිසුරු Manohar Sapre ප්‍රධානත්වය දරණ එම කමිටුව විසින් අදානි සමූහයට එල්ල වී ඇති මුල්‍ය චෝදනා සම්බන්ධයෙන් වන වාර්තාව මාස 2ක් ඇතුළත ලබා දීමට නියමිතයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ගෞතම් අදානි ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය පිළිගන්නා අතර සත්‍යය ජයගනු ඇති බවයි.

Share This