අද ජාත්‍යන්තර කාන්තා දිනයයි

අද ජාත්‍යන්තර කාන්තා දිනයයි

“ඇය දැයේ අභිමානයයි” තේමාව යටතේ මෙවර ජාත්‍යන්තර කාන්තා දිනය සමරන්නට රට පුරා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වී තිබෙනවා.

රට මුහුණ දී තිබෙන ආර්ථික අභියෝග හමුවේ වුව ද කාන්තාවන්ගේ අභිමානය, ගෞරවය හා ශක්තිය පිළිබිඹු වන අයුරින් එයට ගැලපෙන තේමා පාඨයකට අනුව මෙවර ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීම පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද තම කාන්තා දින පණිවුඩය මගින් සතුට පල කර තිබුණා.

ශ්‍රී ලාංකීය ජනගහනයෙන් හරි අඩකටත් වැඩි ප්‍රතිශතයක් කාන්තාවන් නියෝජනය කරන අතර සාක්ෂරතාවයෙන් ද ලාංකීය කාන්තාව සිටින්නේ ඉදිරියෙන් බවයි ජනපතිගේ කාන්තා දින පණිවිඩය තුල අන්තර්ගතව තිබුණේ.

ලොව පුරා කාන්තාවන් රටක සංවර්ධනය සහ සහජීවනය සඳහා ලබා දෙන්නේ ද විශාල දායකත්වයකි.

කාන්තාව සමාජ සංවර්ධන දර්ශක අතරට පැමිණ සිටීම සතුටට කරුණක් වන අතර ඇය අද දවසේ අපේ රටේ ආර්ථිකයට වෘත්තීමය වශයෙන් ලබාදෙන ශක්තිය සහ දායකත්වය සුවිශේෂී වනවා.

මේ අතර ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් පක්ෂ විපක්ෂ බොහෝ දෙනෙකු තම සුබ පැතුම් එකතු කරමින් සිටිනවා.

මෙවර ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තම ට්විටර් ගිණුමේ තබා තිබු පණිවිඩය මෙසේයි,

“ජාත්‍යන්තර කාන්තා දිනය සමරන මේ මොහොතේ, කාන්තාවන්ගේ දේශපාලන, ආර්ථික සහ සමාජීය සවිබල ගැන්වීම් ප්‍රවර්ධනය කිරීම සඳහා අපගේ සියලු ශක්තිය සහ අධිෂ්ඨානය බලමුළු ගන්වමු, මන්ද ඔවුන් මානව ශක්තියේ, සමාජයේ, ජීව ශක්තියේ සහ මිනිස් ජීවිතයේ ප්‍රධාන උත්ප්‍රේරකය වන බැවිනි”

Share This