අද දිවුරුම් දුන් නව මන්ත්‍රීවරු
අභිනව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු අද උදෑසන දිවුරුම් දී තිබෙනවා.
අද (17) උදෑසන ආරම්භ වූ පාර්ලිමේන්තු සභාවාරයේදී නියෝජ්‍ය කථානායකවරයා ඉදිරියේ එම මන්ත්‍රීවරුන් දිවුරුම් දීම සිදු කෙරුණා.
එහිදී නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ වෙනුවෙන් එහි ජාතික ලැයිස්තුවෙන් තේරී පත්වූ ෆයිසර් මුස්තාෆා මහතා දිවුරුම් දුන් අතර සමගි ජන බලවේගය නියෝජනය කරමින් එහි ජාතික ලැයිස්තුවෙන් තේරී පත්වූ සුජීව සේනසිංහ, මුහම්මදු ඉස්මයිල් මුත්තු මුහම්මදු මහතා සහ මනෝ ගනේෂන් මහතා ද නියෝජ්‍ය කථානායවරයා ඉදිරියේ දිවුරුම් දුන්නා.