අද පිටිය සරසන LPL කණ්ඩායම්

අද පිටිය සරසන LPL කණ්ඩායම්

2024 ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සිව්වන තරඟය, තෙවරක් LPL කිරුළ දිනූ ප්‍රබල Lyca’s Jaffna Kings සහ Dambulla Sixers කණ්ඩායම් අතර අද (03) පස්වරු 3ට පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.

තවද 2024 ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පස්වන තරඟයද අද (03) පස්වරු 7.30 ට පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

පස්වන තරඟයේදී Colombo Strikers සහ Galle Marvels කණ්ඩායම් තරඟ බිමට අවතීර්ණ වීමට නියමිතයි.

මේ අතර මෙවර ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ නිල මාධ්‍ය දායකත්වය දක්වන්නේ මොනරා TV නාලිකාවයි.

ඒ අනුව 2024 LPL තරඟාවලියේ සියලු තරඟ මොනරා TV නාලිකාව ඔස්සේ ඔබට නැරඹීමට අවස්ථාව හිමිවන අතර Dialog ටෙලිවිෂනයේ නාලිකා අංක 100 ඔස්සේ ඔබට මොනරා TV නැරඹීමට අවස්ථාව හිමිව තිබෙනවා.

Share This