
අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළට
අද මධ්‍යම රාත්‍රියේ සිට බ්න්ධන මිල ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව ලංකා පෙට්‍රල් ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රු. 12 කින් ඉහළ දමා තිබෙනවා. ඒ අනුව පෙට්‍රල් ලීටරයක නව මිල වන්නේ රු. 305 ක් වන අතර පැවති මිල දැක් වුණේ රු.293 ක් ලෙසයි.
ලංකා සුදු ඩීසල් ලීටරයක් ඉහළ දමා ඇත්තේ රු. 15 කින්. ලංකා සුදු ඩීසල් ලීටරයක නව මිල වන්නේ රු.289 ක්. ලංකා සුදු ඩීසල් ලීටරයක පැවති මිල වූයේ රු. 274 ක් ලෙසයි.
භූමිතෙල් ලීටරයක් රු. 7 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රු. 185 ක ලෙස දැක් වෙනවා.
භූමි තෙල් ලීටරයක් මීට පෙර අලෙවි කළේ රු.293 කටයි.