අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය රියදුරන් පිරිසක් වර්ජනයක

අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය රියදුරන් පිරිසක් වර්ජනයක

අද මධ්‍යම රාත්‍රි 12.00 සිට මහව සිට මඩකලපුව – ත්‍රිකුණාමලය සහ කන්කසන්තුරය යන භාණඩ හා ඉන්ධන ප්‍රවාහන දුම්රිය ධාවනයෙන් ඉවත් වන බව ලොකමොටිව් ඉංජිනේරු දුම්රිය රියදුරන් ධාවනයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.

දුම්රිය ලොකමෝටිව් ඔපරේෂන් ඉංජිනේරුවන් ගේ සංගම‍යේ ප්‍රධාන ලේකම් චන්දන වියන්දූව මහතා පවසන්නේ මෙම මාර්ගයේ දුම්රියේ වන අලින් ගැටීම වළක්වා ගැනීමට නිශ්චිත පිළියමක් ලබා දීමට බලධාරීන් අපොහොසත් වීම හේතුවෙන් මෙම පියවර ගැනීමට තම සංගමයේ විධායක කමිටුව තීරණය කළ බවයි.

වන අලි දු රියේ ගැටීම රියදුරන්ට පාලනය කළ නොහැකි තත්ත්වයක් මෙන්ම එම හේතුවෙන් මගීන් මෙන්ම රියදුරන් ද මහත් අසීරුවට පත්වන බව ඔවුන් පෙන්වා දෙනවා.

මීට පිළියම් ඉල්ලා දුම්රිය බලධාරීන් නොයෙක් අවස්ථාවල දැනුවත් කර ඇතත් මෙතෙක් විසඳුමක් දීමට අපොහොසත් වී ඇතැයි චන්දන වියන්දූව මහතා පැවසුවා.

මේ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට අදාල මාර්ගයන් හි දුම්රිය ධාවනයෙන් තම සංගමයේ රියදුරන් ඉවත් වන බවත් හෙට රාත්‍රියේ සිට මහව සිට මඩකලපුව – ත්‍රිකුණාමලය සහ කන්කසන්තුරය දක්වා ධාවනය වන මගී දුම්රිය ධාවනයෙ න් ඉවත වන බවත් ඔහු සඳහන් කළා.

මෙම අනතුරු වළක්වා ගැනීමේ අරමුණින් මෙලෙස ධාවනයෙන් ඉවත් වන බව ඔහු තවදුරටත් සඳහන් කළා.

Share This