අද මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෑස් මිල පහළට

අද මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෑස් මිල පහළට

අද(04) මධ්‍යම රාත්‍රියේ සිට ගෑස් මිල ගණන් අඩු කිරීමට පියවර ගත් බව ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනය කරනවා.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 150කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 3,790ක් බව සඳහන්.

කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 60කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 1,525ක්

එමෙන්ම කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 28කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 712ක් බවයි ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා වැඩිදුරටත් කියා සිටියේ.

Share This