අද මැදියම් රැයේ සිට ක්‍රියාත්මක වෙන්න නියමිත වර්ජනය නිසා තැපැල් දුම්රිය අවලංගු වෙයි

අද මැදියම් රැයේ සිට ක්‍රියාත්මක වෙන්න නියමිත වර්ජනය නිසා තැපැල් දුම්රිය අවලංගු වෙයි

අද (09) දින මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ දුම්රිය පාලකවරුන් විසින් ක්‍රියාත්මක කිරීමට නියමිත වෘත්තීය ක්‍රියාමාර්ගයක් හේතුවෙන් මේ වන විට ධාවනයට සූදානම් කොට ඇති තැපැල් දුම්රිය අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

එමෙන්ම හෙට (10) දින ධාවනය වීමට කාර්යාල දුම්රිය කිහිපයක් අවශ්‍ය නිලධාරින් යොදවා ධාවනයේ යෙදවීමට කටයුතු සැලසුම් කරමින් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මෙම වර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් හෙට දිනයේදී දුම්රිය වාර ප්‍රවේශපත්‍ර හිමි මගීන්ට එම වාර ප්‍රවේශපත්‍රය උපයෝගී කරගනිමින් ලංකා ගමනාගමන මණ්ඩලට අයත් බස් රථවලින් ප්‍රවාහන පහසුකම් සලසා ගැනීමට අවශ්‍ය පහසුකම් ප්‍රවාහන අමාත්‍යංශය විසින් සලසා තිබෙනවා.

Share This