අද රාත්‍රියේ උල්කාපාත වර්ෂාවක්

අද රාත්‍රියේ උල්කාපාත වර්ෂාවක්

අද රාත්‍රී කාලයේ සහ හෙට අලුයම් කාලයේදී වසරේ විශාලම උල්කාපාත වර්ෂාව අපට නිරීක්ෂණය කිරීමේ හැකියාව ලැබෙන බව අභ්‍යවකාශ විද්‍යාඥ සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ගිහාන් වීරසේකර මහතා පවසනවා.

ඔහු පවසන්නේ මෙය සිංහ තරුකා රාශිය ආශ්‍රිතව අපට නිරීක්ෂණය කළ හැකි බවයි.

එමෙන්ම මෙහි විශේෂත්වය මෙම උල්කාපාත වර්ෂාව දැඩි දීප්තියකින් අපට නැරඹීමට ඇත් හැකි‍යාව ලැබීමයි.

උල්කාපාත වර්ෂාව බැලීමට හැකි හොඳම වෙලාව අළුයම 4.00 – අළුයම 5.00 අතර කාලය බව ගිහාන් වීරසේකර මහතා පෙන්වා දෙනවා.

ඔහු පවසන්නේ එවිට උල්කාපාත 15-20 පමණ දැක ගත හැකිවනු අති බවයි.

ලියොනිඩ් උල්කාපාත වර්ෂාව මෑත ඉතිහාසයේ වඩාත් ප්‍රසිද්ධ උල්කාපාත වර්ෂාවක් බව තාරකා විද්‍යාඥයින් පවසනවා.

එහි උච්චතම අවස්ථාවට අද රාත්‍රියේ ළඟා වනු ඇති බවටයි ඔවුන් පවසන්නේ.

වාර්ෂික උල්කාපාත වර්ෂා බොහෝ විට වසර පුරා දැකිය හැකි නමුත්, පූර්ණ උල්කාපාත කුණාටුවක් දැකිය හැකි වන්නේ කලාතුරකින් බව තාරකා විද්‍යාඥයින්ගේ මතයයි.

අද රාත්‍රියේ සිට සඳුදා උදෑසන දක්වා පැයක පමණ කාලයක් තරු 10 සිට 15 දක්වා ප්‍රමාණයක් සහිත ලියොනිඩ් උල්කා පතිතවනු ඇතැයි තාරකා විද්‍යාඥයින් අපේක්ෂා කරනවා.

 

Share This