
අද රාත්‍රියේ සිට ක්‍රියාත්මක පරාටේ නීතිය ගැන සජිත් ආණ්ඩුවට අවවාද කරයි
අද (30) මැදියම් රැයෙන් පසුව අප රටේ පරාටේ නීතිය ක්‍රියාත්මක වී ව්‍යවසායකයන්ගේ හා කර්මාන්තකරුවන්ගේ දේපල වෙන්දේසිය ඉතා වේගයෙන් ක්‍රියාත්මක කිරිමට අනුමැතිය හිමිවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
ඔහු පෙන්වා දෙන්නේ මේ තුළින් අප රටේ ක්ෂුද්‍ර කුඩා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් සහ ව්‍යවසායකයන් රැසකගේ දේපල වෙන්දේසි වීමට නියමිත බවයි.
අප රටේ දළ දේශිය නිෂ්පාදනයට 50% කට වැඩි දායකත්වයක් ලබා දෙමින් 40 ලක්ෂයකට වැඩි ප්‍රමාණයකට රැකියා ලබාදෙන්නේ මේ ක්ෂුද්‍ර කුඩා, මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් සහ ව්‍යවසායකයන් බව විපක්ෂ නායකවරයා පවසනවා.
ඔහු සදහන් කළේ පරාටේ නීතිය නැවත වරක් ක්‍රියාත්මක කර ව්‍යවසායකයන්ගේ හා කර්මාන්තකරුවන්ගේ දේපල හා සම්පත් වෙන්දේසි වන විට මේ ක්ෂේත්‍රයෙන් දළ දේශීය නිෂ්පාදනයට ලැබෙන දායකත්වය අඩු වෙන බවට ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව සිතිය යුතු බවයි.
එය සෘජුවම ආර්ථික වර්ධනයට බලපාන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ගේ අදහසයි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද සිට පරාටේ නීතිය නැවත සක්‍රීය වීම නිසා නිසා අසරණ වන ක්ෂුද්‍ර කුඩා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් සහ ව්‍යවසායකයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්.