අද ලෙඩ වෙන ගුරු – විදුහල්පතිවරු

අද ලෙඩ වෙන ගුරු – විදුහල්පතිවරු

ගුරු – විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතාව ඇතුළු ගැටලු කීපයකට රජය විසඳුම් ලබා නොදීම හේතුවෙන් අද (26) ගුරුවරුන් හා විදුහල්පතිවරුන් දස දහසකට අධික පිරිසක් කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටට කැඳවා දැවැන්ත විරෝධතාවක් පවත්වන බව ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පවසනවා.

එසේම අද දිවයින පුරා පාසල් දස දහසකට අධික ප්‍රමාණයක සේවය කරන විදුහල්පතිවරුන් දහසය දහසක් හා ගුරුවරුන් දෙලක්ෂ හතළිස් දහසක් අසනීප නිවාඩු දමා සේවයට වාර්තා නොකරන බවත්, දරුවන්ගේ පාසල් අධ්‍යාපන කටයුතුවලට සිදුවන බාධාවලට අධ්‍යාපන බලධාරීන් වගකිවයුතු බවත් ඔහු සඳහන් කළා.

ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය විසින් සංවිධානය කරනු ලබන මෙම දැවැන්ත විරෝධතාව අද උදෑසන පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.

ගුරු – විදුහල්පතිවරුන්ගේ උසස්වීම් ලබා නොදීම, අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවක් මුවාවෙන් අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීම, දෙමාපියන්ට අධ්‍යාපනික බර පැටවීම ඇතුළු ගැටලුවලට විසඳුම් ඉල්ලා මෙම විරෝධතාව ක්‍රියාත්මක කරන බව සඳහන්.

Share This