
අද වර්ජනයෙන් පස්සෙත් විශ්වවිද්‍යාල ආචාර්ය ගැටලු නොවිසඳුවොත් තත්ත්වය උග්‍ර වන ලකුණු
සමස්ත රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අද (30) එක්දින වැඩ වර්ජනයක නිරතවනවා.
විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ ලේකම් සහ මාධ්‍ය ප්‍රකාශක චාරුදත්ත ඉලංගසිංහ මහතා පැවසුවේ ප්‍රධාන ඉල්ලීම් 3 ක් මුල්කර ගනිමින් මෙම වර්ජනය ක්‍රියාත්මක බවයි.
ගත වූ වසරක කාලය තුල රජය සමග සාකච්ඡා කළ ද විශ්වවිද්‍යාල ගැටළු සදහා කිසිදු විසදුමක් ලබා දීමට අපොහොසත්වී ඇති බවට විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය චෝදනා කරනවා.
සමස්ත රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ආචාර්‍ය හිගය නොපියවීම, විශ්වවිද්‍යාල පද්ධතියේ පහසුකම් වැඩිදියුනු නොකිරීම සහ ප්‍ර්‍යේෂණ සදහා ප්‍රතිපාදන ඉහළ නොදැමීම විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ඉල්ලීම් අතර ප්‍රධානයි.
විශ්වවිද්‍යාල පද්ධතිය තුල ආචාර්යවරුන් 12,000 ක් අවශ්‍ය නමුත් දැනට සිටින්නේ 5000 ලටත් අඩු සංඛ්‍යාවක් බව කථිකචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා පවසන්නේ.
ගත වූ වසරක වත්මන් පාලනය යටතේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පමණක් මේ වන විට කථිකාචාර්‍යවරුන් 200 කට වැඩි පිරිසක් විශ්වවිද්‍යාලය හැරගොස් ඇතැයි ඒ මහතා පෙන්වා දුන්නා.
මේ තත්ත්වය තුල විශ්වවිද්‍යාල පවත්වාගෙන යාමේ බරපතල ගැටලුවක් පවතින බව ද කථිකාචාර්‍ය ඉලංගසිංහ මහතා පැවසුවා.
