අද සිට අන්තර්ජාලය ඔස්සේ දුම්රිය ප්‍රවේශපත් වෙන්කර ගැනීමේ අවස්ථාව

අද සිට අන්තර්ජාලය ඔස්සේ දුම්රිය ප්‍රවේශපත් වෙන්කර ගැනීමේ අවස්ථාව

අන්තර්ජාලය ඔස්සේ දුම්රිය ප්‍රවේශපත් වෙන්කර ගැනීමේ අවස්ථාව අද (23) සිට හිමි වනවා

ඒ අනුව www.pravesha.lk වෙබ් අඩවිය මගින් අන්තර්ජාලය ඔස්සේ මගී ජනතාවට ඩිජිටල් දුම්රිය ප්‍රවේශ පත්‍රයක් ලබා ගත හැකියි

එමෙන්ම, දැනට දුම්රිය ධාවනය වන ඕනෑම දුම්රිය ස්ථාන දෙකක් අතර ගමන් කිරීමට අවශ්‍ය 2 වන හා 3 වන පන්තියේ ප්‍රවේශ පත්‍ර බැංකු මගින් නිකුත් කරනු ලබන ඩෙබිට් හෝ ක්‍රෙඩිට් කාඩ්පතක් මගින් මුදල් ගෙවා මිලදී ගත හැකිවන අතර මුදල් ගෙවූ පසු sms පණිවිඩයක් මගින් හෝ ඊමේල් පණිවිඩයකින් මුදල් ගෙවන්නාගේ ජංගම දුරකථනය වෙත ප්‍රවේශපතේ QR කෝඩ් එක එවනු ලබනවා

එම QR කෝඩ් එක අදාළ දුම්රිය ස්ථානයෙන් පරීක්ෂා කර ප්‍රවේශ පත්‍රයේ සඳහන් ගමන් කරන දිනය තුළ දී පමණක් දුම්රියේ ගමන් කිරීමට අවස්ථාව හිමි වන අතර ගමන් කිරීමට අපේක්ෂා කරන දිනට දින හතකට පෙර සිට මෙම වෙබ් අඩවිය ඔස්සේ ඩිජිටල් ප්‍රවේශපත්‍ර ලබා ගැනීමේ හැකියාව පවතිනවා

Share This