අද සිට දින තුනක ඩෙංගු මඩින වැඩසටහනක්

අද සිට දින තුනක ඩෙංගු මඩින වැඩසටහනක්

අද (27) සිට දින තුනක් දක්වා දිස්ත්‍රික්ක 08ක විශේෂ මදුරු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර, රත්නපුර, මඩකලපුව, ත්‍රිකුණාමලය, මාතලේ සහ මාතර යන දිස්ත්‍රික්කවල අදාළ ඩෙංගු මර්දන වැඩසටහන ක්‍රියාත්මක කරන බව සඳහන්.

කඩින්කඩ පවතින වැසි තත්ත්වය හේතුවෙන් ඩෙංගු යළි ව්‍යාප්ත වීමේ අවධානමක් මතුව ඇති බවත් එම අවධානම් තත්ත්වය සැලකිල්ලට ගෙන, විශේෂ මදුරු මර්දන වැඩසටහන ලබන 29 වැනිදා දක්වා ක්‍රියාත්මක කරන බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

Share This