
අද සිට වැසි සහිත කාලගුණ තත්ත්වයේ වර්ධනයක්
අද සිට පවතින වැසි තත්ත්වයේ වර්ධනයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එහි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ චන්න රොද්‍රිගු මහතා පැවසුවේ උතුර,උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලට තරමක් තද වැසි අපේක්ෂා කරන බවයි.
මාතලේ දිස්ත්‍රික්කයටත් කඩින් කඩ වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.
ගොඩනැගිලි පර් යේෂණ සංවිධානය පැවසුවේ දිස්ත්‍රික්ක 4 කට තවදුරටත් නාය යාම් අනතුරු ඇඟවීම් බලාත්මක බවයි.
මහනුවර,කෑගල්ල, කුරුණෑගල ,මාතලේ , එම දිස්ත්‍රික්ක වනවා.
වාරි මාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ ගංගාවල ජල මට්ටම පහළ ගොස් ඇති නමුත් ජලාශ 30 ක පමණ තවමත් වාන් මට්ටමේ ජලය පවතින බවයි.
රාජාංගනය, දැදුරු ඔය,නාච්චදූව,ලුකුගම්වෙහෙර,යාන් ඔය ජලාශවල ජලය අඩු කිරීම සඳහා ජලය මුදා හැරීම සිදුකරන බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළා.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේ මේ වනවිට බෙහෝ පිරිසක් සුනසාධන කඳ්වුරුවල සිට සිය නිවාස වෙත යමින් සිටින බවයි.
කෙසේ නමුත් නායයාම් අවදානම තවදුරටත් ඇති පරදේශවල ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අනාරක්ෂිත ස්ථානවල රැඳී සිටීමෙන් වළකින ලෙසයි.
බොහෝ ආපදා ස්ථාන නැරඹීමට යාමෙන් වළකින ලෙස ද ප්‍රදීප් කොඩිප්පිලි මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
මේ අතර ආපදා හදිසි ඇමතුම් අංකය වන 117 දුරකතන අංකයට ඇමතිම් 156,000 කට අධික සංඛ්‍යාවක් ලැබී ඇතැයි ඔහු පැවසුවා.
