දිවුරුම් දුන් නව අමාත්‍ය මණ්ඩලය (VIDEO)

දිවුරුම් දුන් නව අමාත්‍ය මණ්ඩලය (VIDEO)

ආරක්ෂක, මුදල්, ආර්ථික සංවර්ධන, ප්‍රතිපත්ති සම්පාදන, සැලසුම් සහ සංචාරක, බලශක්ති, කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත්, යන අමාත්‍ය ධුර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් දරනු ලබනවා.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය: අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා, පළාත් පාලන, සෞඛ්‍ය, කම්කරු, අධ්‍යාපන, විද්‍යා සහ තාක්ෂණ, කාන්තා, ළමා, තරුණ කටයුතු සහ ක්‍රීඩා, වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා, සමුපකාර සංවර්ධන, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන යන අමාත්‍ය ධුර

විජිත හේරත් මහතා: බුද්ධශාසන , ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා, විදේශ කටයුතු, මහජන ආරක්ෂක, පරිසර, වනජීවී, වන සම්පත්, ජල සම්පාදන, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම්, ග්‍රාමීය හා නාගරික සංවර්ධන, නිවාස සහ ඉදිකිරීම්

 

Share This