අද LPL පිටිය සරසන සුපිරි කණ්ඩායම්

අද LPL පිටිය සරසන සුපිරි කණ්ඩායම්

2024 ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අද (06) පැවැත්වෙන හත්වන තරගය, Kandy Falcons සහ Colombo Strikers කණ්ඩායම් අතර පැවැත්වෙනවා.

එමෙන්ම 2024 ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අද (06) පැවැත්වෙන අටවන තරගය, තෙවරක් කිරුළ දිනූ ප්‍රබල Lyca’s Jaffna Kings සහ Dambulla Sixers කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිතයි.

තරගය සවස 3ට දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.

මේ අතර මෙවර ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ නිල මාධ්‍ය දායකත්වය දක්වන්නේ මොනරා TV නාලිකාවයි.

ඒ අනුව 2024 LPL තරඟාවලියේ සියලු තරඟ මොනරා TV නාලිකාව ඔස්සේ ඔබට නැරඹීමට අවස්ථාව හිමිවන අතර Dialog ටෙලිවිෂනයේ නාලිකා අංක 100 ඔස්සේ ද ඔබට මොනරා TV නැරඹීමට අවස්ථාව හිමිවනවා

Share This