අධ්‍යාපන අමාත්‍යතුමියගේ සුබපැතුම් පණිවිඩය -“ගුරු හඬට සවන් දී, ගුරුවරුන් අගයන අතරම අධ්‍යාපනය සඳහා නව සමාජ කතිකාවත ඉදිරියට”

අධ්‍යාපන අමාත්‍යතුමියගේ සුබපැතුම් පණිවිඩය -“ගුරු හඬට සවන් දී, ගුරුවරුන් අගයන අතරම අධ්‍යාපනය සඳහා නව සමාජ කතිකාවත ඉදිරියට”

ඔක්තෝබර් මස 05 වන අද දින, ලෝක ගුරු දිනයට සමගාමීව, ශ්‍රී ලංකාවේ ජාතික ගුරු දිනය ඔක්තෝබර් මස 06 වන දින සමරනු ලැබීම නිමිත්තෙන් අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සුබපැතු පනිවිඩයක් නිකුත් කර තිබෙනවා.

මෙවර දීපව්‍යාප්තව පවත්වනු ලබන ගුරු ගුණ සැමරුම් උත්සවවලදී පිදුම් ලබන ගුරු භවතුන් සියල්ලන්ට අග්‍රාමාත්‍යවරිය හෘදයාංගම සුබ පැතුම් එක්කර තිබෙනවා.

ඇය සිය නිවේදනයෙන් පෙන්වා දෙන්නේ අධ්‍යාපන පද්ධතියේ නව පරිවර්තනීය ගමනේ අර්ථවත් මගක් සැලසුම් කරමින්, “ගුරු හඬට සවන් දී ගුරුවරුන් අගයන අතරම අධ්‍යාපනය සඳහා නව සමාජ කතිකාවතක ඉදිරියට” යන්නට අවස්‍ය පියවර වෙත ඔසවා තබන බවයි.

ජාතික ගුරු දිනය වෙනුවෙන්, ශ්‍රී ලංකාවේ සියලුම ගුරු භවතුන්ගෙන් අධ්‍යාපන ඉතිහාසයේ නව පිටුවක් ලිවීමට එක්ව අත්වැල් බැඳගන්නා ලෙස අග්‍රාමාත්‍යවරිය සියලු ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටිනවා.

අග්‍රාමාත්‍යවරිය පෙන්වා දෙන්නේ අනාගත ලෝකය තාක්ෂණික හා ඩිජිටල් අධ්‍යාපන වෘත්තීය මාර්ගික මාර්ගයකට යොමු වන අතර, එම අනාගතය දිනාගැනීමේ යාත්‍රාවේ මූලික තට්ටුව ගුරු පරපුර මත පවතින බවයි.

දරුවන් දක්ෂ, නවෝත්පාදනශීලී හා ජානගතව ශක්තිමත් පුද්ගලයන් බවට පත් කිරීමේ වගකීම ගුරු භවතුන්ගේ හස්තය මත පවතින බව තම විශ්වාසය යැයි ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සිය නිවේදනයේ දක්වා තිබෙනවා.

ඉදිරියේදී වෘත්තීය අධ්‍යාපනය උසස් පෙළ විෂය ධාරාවක අනිවාර්ය අංගයක් බවට පත් කිරීමට අප අරමුණ ගනිමින්, එහි පහසුකම්, පාසල් හා ගුරු සම්පත් කඩිනමින් තෝරාගැනීමට කටයුතු කරන බව ද අග්‍රාමාත්‍යවරිය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

ඇය නිකුත් කළ සම්පූර්ණ සුබ පැතුම් පනිවිඩය පහත දැක්වේ.

 

 

 

Share This