අධිකරණයට අපහාස කිරීම ගැන කරුණු දක්වන ලෙස සංචාරක සංවර්ධන අධිකාරියට අධිකරණ නියෝගයක් (වීඩියෝ)

අධිකරණයට අපහාස කිරීම ගැන කරුණු දක්වන ලෙස සංචාරක සංවර්ධන අධිකාරියට අධිකරණ නියෝගයක් (වීඩියෝ)

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියට කොළඹ දිසා අධිකරණය විසින් නියෝග කර තිබෙනවා.

ඒ යාල ප්‍රදේශයේ පිහිටි භූමි ප්‍රදේශයක් බදුදීම සම්බන්ධයෙන් වන නඩුවක් කැඳවූ අවස්ථාවේදී.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියට එරෙහිව කොළඹ දිසා අධිකරණය හමුවේ අදාළ නඩුව ගොනු කර තිබුණේ ලංකා රියැලිටි ලෙෂර් පුද්ගලික සමාගම විසින්.

යාල ප්‍රදේශය පිහිටි සංචාරක වශයෙන් වැදගත්කමක් උසුළන භූමි ප්‍රදේශයක් බදුදීම සංචාරක සංවර්ධන අධිකාරිය විසින් ඒකපාර්ශ්විකව අවලංගු කිරීමට එරෙහිව අදාළ පුද්ගලික සමාගම විසින් මෙම නඩුව ගොනුකර තිබුණා.

Share This