“කළ එකම අපරාධය ගැන’ ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක් ( VIDEO )

“කළ එකම අපරාධය ගැන’ ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක් ( VIDEO )

“මා කළ එකම අපරාධය වන්නේ අපේ ජාතිය විනාශ කිරීමට උත්සාහ කරන අයගෙන් නිර්භයව එය ආරක්ෂා කිරීම පමණයි ” යනුවෙන් නඩු විභාගයෙන් පසු අධිකරණ භූමියෙන් පිටව ගිය ඩොනල්ඩ් ට්‍රම්ප් ෆ්ලොරිඩාවේ නිවසට රැස්ව සිටි ආධාරකරුවන්ට පවසා තිබෙනවා.

තමන් වෙත චෝදනා එල්ල වී ඇත්තේ ලබන වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණයට තමා ඉදිරිපත්වීමට බාධා එල්ල කිරීමේ ඩිමොක්‍රටික් කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.

එල්ලවූ චෝදනා සම්බන්ධයෙන් පැයකට ආසන්න කාලයක් පුරා පැවති නඩු විභාගය සඳහා හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අධිකරණයේදී නිහඬව වාඩි වී සිටි අතර විනිසුරුවරයාගේ ප්‍රශ්නවලට ප්‍රතිචාර දැක්වීමට සහ වරදකරු නොවන බවට ප්‍රකාශ කිරීමට පමණක් ඔහු කතා කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.

2016 වසරේදී සිය මැතිවරණ ව්‍යාපාරයේදී අසභ්‍ය චිත්‍රපට තරුවකට මුදල් ගෙවීමක් සම්බන්ධයෙන් නිව්යෝර්ක් ජූරි සභාව ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව අධි චෝදනා ගොනු කරනු ලැබු අතර ඒ වෙනුවෙන් ඔහු නිව්යෝර්ක්හි මෑන්හැටන් අධිකරණය හමුවේ පෙනී සිටියා.

ට්‍රම්ප් අපරාධ නඩු විභාගයකට මුහුණ දුන් ඉතිහාසයේ පළමු අමෙරිකානු ජනාධිපතිවරයාද වනවා.

අධිකරණයෙන් පිටව යන විට ඩොනල්ඩ් ට්‍රම්ප් වාර්තාකරුවන්ට අදහස් දක්වා නොමැති බවද විදෙස් මාධ්‍ය පවසනවා .

ට්‍රම්ප් වරදකරු වුවහොත් පරිවාසයට නියම කළ හැකි වුවද, සෑම චෝදනාවකටම උපරිම වශයෙන් වසර හතරක සිරදඬුවමක් හිමිවනු ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා.

ඔහු වැරදිකරුවෙකු වීමේ සම්භාවිතාව මෙතෙක් අපැහැදිලි බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

Share This