
අධිකරණයේ කටයුතු පැය භාගයකට කල් යයි… ඇප ඉල්ලීම පිළිබඳ නියෝගයත් ප්‍රමාදයි…
අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ප්‍රකාශ කිරීම පැය භාගයකට කල් තබා තිබෙනවා.
කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේදී මෙම ඇප ඉල්ලීම කොළඹ කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මහත්මිය ඉදිරියේ සලකා බැලෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ කරමින් සැකකරුට එරෙහිව පොදු දේපොළ පනත යටතේ කරුණු ඉදිරිපත් කරන බව සඳහන් කරමින් විමර්ශන කටයුතු අවසන් නොමැති නිසා සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසද ඉල්ලා සිටියා.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනූජ ප්‍රේමරත්න මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේ සැකකරු ඇප මත මුදාහරින ලෙසයි.