අධිකරණ පද්ධතිය සැප්. 12 ඩිජිටල්කරණවීම ඇරඹෙයි

අධිකරණ පද්ධතිය සැප්. 12 ඩිජිටල්කරණවීම ඇරඹෙයි

අධිකරණ සේවාවවල කාර්යක්ෂමතාවය ඉහළ නංවා මහජනතාවට ඵලදායී අධිකරණ සේවාවක් ලබාදීමේ අරමුණින් ක්‍රියාත්මක අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණ කටයුතු වේගවත් කිරීමේ වැඩසටහනෙහි පළමු පියවර ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඩිජිටල්කරණය කිරීමේ සමාරම්භක උත්සවය මේ මස 12 වැනිදා ආරම්භ වනවා.

අග්‍රවිනිශ්චයකාර ප්‍රිතී පද්මන් සුරසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ සහභාගිත්වයෙන් මෙම උත්සවය පැවැත් වීමට කටයුතු යොදා තිබෙනවා.

අධිකරණ කාර්යල තුළ සිදුවන දුෂණ අක්‍රමිකතා අවම කිරීම, අධිකරණ පිළිබඳව මහජන විශ්වාසය වර්ධනය කිරීම හා අධිකරණයට පැමිණෙන ජනතාවට සහ නීතිඥවරුන්ට කඩිනමින් සේවා ලබාගැනීමේ පහසුව ලබාදීම ඩිජිටල්කරණ වැඩසටහනෙහි අරමුණයි.

පළමු පියවර වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ කටයුතු ඩිජිටල්කරණය කිරීමට නියමිත අතර, ඉන්පසුව අභියාචනාධිකරණය, මහාධිකරණ, දිසා මහෙස්ත්‍රාත් අධිකරණ සහ සෙසු අධිකරණ කටයුතු ඩිජිටල්කරණය කිරීමට නියමිතව තිබෙනවා.

 

Share This