අධික උෂ්ණත්වයෙන් ඉන්දියාවේ මාර්ගවල තාර දිය වෙයි

අධික උෂ්ණත්වයෙන් ඉන්දියාවේ මාර්ගවල තාර දිය වෙයි

අධික උෂ්ණත්වය හමුවේ මාර්ගවල තාර දිය වී යාමේ පුවතක් ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයෙන් වාර්තා වී තිබෙනවා.

උෂ්ණත්වය සෙල්සියස් අංශක 41 ක් දක්වා ඉහළ යාම හමුවේ එම ප්‍රාන්තයේ Surat හා Ahmedabad යන ප්‍රදේශවල මාර්ග කිහිපයක තාර මෙලෙස දිය වී යාමකට ලක්ව ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

Ahmedabad හි මාර්ගයක මීටර් 200 ක පමණ දුරක තාර දිය වී ගොස් ඇති අතර මේ හේතුවෙන් යතුරුපැදිකරුවන් මාර්ගයේ ලිස්සා යාමේ සිදුවීම් ද වාර්තා වී තිබෙනවා.

ඇතැම් පදිකයින්ද තාර දිය වී යාම හේතුවෙන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බව සඳහන්.

ප්‍රාන්ත බලධාරීන් විසින් තාර දිය වී යාම වළක්වාලීම සඳහා පියවර ගෙන ඇති අතර මාර්ග ප්‍රතිසංස්කරණයට අවශ්‍ය කටයුතු ආරම්භ කිරීමට ද ක්‍රියාමාර්ග ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Share This