අධික වැස්සෙන් චීනයටත් බලපෑම්

අධික වැස්සෙන් චීනයටත් බලපෑම්

දකුණු චීනයට බලපෑ ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් එරට දෛනික ජන ජීවිතයට බලපෑම් එල්ල වී තිබෙනවා.

දින කිහිපයක සිට ඇදහැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් දකුණු චීනයේ ප්‍රදේශ රැසක ජල ගැලීම් සහ නාය යෑම් තත්ත්වයන් වාර්තා වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ හේතුවෙන් මාර්ග රැසක් ජලයෙන් යට වීමෙන් රථවාහන ගමනාගමනයට බාධා එල්ල වී ඇති අතර පුද්ගලයින් 21,000කට අධික පිරිසක් අයහපත් කාලගුණය නිසා පීඩාවට පත්ව සිටිනවා.

එමෙන්ම දුම්රිය ගමන් වාර 30කට අධික ප්‍රමාණයක් අත්හිටුවා ඇති බව සඳහන්.

විපතට පත් පුද්ගලයින්ට සහන සැලසීම සඳහා එරට බලධාරීන් කඩිනම් පියවර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Share This