අධික වේගය නිසා එලොව ගිය යුධ හමුදා සෙබලා

අධික වේගය නිසා එලොව ගිය යුධ හමුදා සෙබලා

ඉප⁣ලෝගම, මහ මීගස්සෑගම ප්‍රදේශයේදී යතුරු පැදියක් දුරකථන කණුවක ගැටී සිදු වූ අනතුරකින් 31 හැවිරිදි යුධ හමුදා සෙබලකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පාබල බලසේනා මූලස්ථානයේ යාපනය ප්‍රදේශයේ සේවයේ නියතු ලාන්ස් කෝප්‍රල් දිසානායක නම් මහඉලුප්පල්ලම‍, කැලේදිවුල්වැව‍, ගම්මැද්ද පදිංචි එක්දරු පියෙක්.

ඔහු ඊයේ (29) දින විශේෂ නිවාඩු ලබා පැමිණ හෙට (31) දින සේවයට වාර්ථා කිරීමට නියමිතව තිබී ඇති බවයි වාර්තා වන්නේ.

ඔහු කැකිරාව එප්පාවල මාර්ගයේ කැකිරාව දෙස සිට මහඉලුප්පල්ම දෙසට ගමන් කරමින් සිටියදී වේගය පාලනය කර ගත නොහැකිව ප්‍රධාන මාර්ගය අසළ තිබූ විදුලි කණුවක ගැටී බරපතල තුවාල ලබා ඇති අතර‍, ප්‍රදේශවාසීන් එක්ව කඩිනමින් ඔහු එප්පාවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කළද ඒ වන විටත් ඔහු මිය ගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කර සිටියා.

එහිදී හිසට සිදු වූ බරපතල තුවාල හේතුවෙන් ඔහු මිය ගොස් ඇති බවයි රෝහල් ප්‍රකාශකයකු පැවසා සිටියේ.

සිද්ධිය සම්බන්ධයෙන් ඉපලෝගම පොලීසිය පරීක්ෂණ පවත්වන බව සඳහන්.

Share This