
අධික ශබ්ද සහිතව මාර්ගයේ ධාවනය කළ යතුරු පැදි දෙකක් ඌව පරණගම පොලිස් භාරයට
අංක තහඩු නොමැතිව තබාගත් යතුරුපැදියක් හා අධික ඝෝෂාකාරී සද්ද සහිත අපරීක්ෂාකාරී ලෙස ධාවනය කළ යතුරුපැදි දෙකක් ඊයේ සවස(27) ඌව පරණගම රථවාහන පොලිසිය භාරයට ගෙන තිබෙනවා.
ඌව පරණගම, යහලඅරාව විද්‍යාලය අසලදී අපරික්ෂාකාරීව ,අධික ගෝෂාකාරී ශබ්ද සහිතව බලපත්‍ර නොමැතිව මහජනතාවට පීඩාවක් වන ලෙස ගමන් කළ යතුරුපැදි දෙකක් හා සැකපිට තිදෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය පැවසුවේ මෙම යතුරු පැදි අතර අංක තහඩු නොමැති යතුරු පැදියක්ද තිබූ බවයි.
අවස්ථා ගණනාවකදී මේ සම්බන්ධව ජනතාවගෙන් පැමිණිලි ලැබී තිබූ බවත් අදාල යතුරු පැදි ප්‍රදේශයේ සංචාරය කරන අවස්ථාවේ මෙසේ අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළා.
අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයින් ඌව පරණගම, කටුගල්ප වත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු,18 හා 24 වයසේ පසුවන දෙදෙනෙක්.
