අනතුරකින් ඔබාමාගේ සූපවේදියා මරුට

අනතුරකින් ඔබාමාගේ සූපවේදියා මරුට

හිටපු අමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමාගේ පෞද්ගලික සූපවේදියෙකු වූ Tafari Campbell මැසචුසෙට්ස්හි නිවස අසලදී paddle boarding නැමැති ජල ක්‍රීඩාව අතරතුර සිදුවූ අනතුරකින් මිය ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා

45 හැවිරිදි Tafari Campbell 2016 වසරේදී ඔබාමා ධූරයෙන් ඉවත් වූ පසුවත් ඔහු ළඟ රැඳී සිටිමින් සූපවේදියෙකු ලෙස කටයුතු කළ බවයි පැවසෙන්නේ

Tafari Campbell ගේ මරණය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති බැරැක් ඔබාමා සහ හිටපු ජනාධිපති ආර්යාව මිෂෙල් ඔබාමා ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ “Tafari අපේ පවුලේ ආදරණීය කොටසක්. අපට ඔහුව මුලින්ම මුණගැසෙන විට, ඔහු ධවල මන්දිරයේ දක්ෂ සූපවේදියෙක් ,නිර්මාණශීලී අයෙක් ” බවයි

අනතුර සිදුවන අවස්ථාවේ ඔබාමා පවුල නිවසේ සිට නොමැති බවද එරට පොලිසිය පවසනවා

මැසචුසෙට්ස් ප්‍රාන්ත පොලිස් රහස් පරීක්ෂක ඒකකය ඔහුගේ මරණය ගැන පරීක්ෂණ පවත්වමින් සිටින බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

හිටපු ජනාධිපති බැරැක් ඔබාමා වොෂින්ටනයේ සිටි වසර අටක කාලය තුළ Tafari Campbell ධවල මන්දිරයේ සේවය කර ඇති තිබෙනවා

එම කාලය තුළදී ඔහු ධවල මන්දිරයේ වගා කරන ලද අමුද්‍රව්‍ය වලින් සාදන ලද බියර් ඇතුළු වඩාත් ප්‍රසිද්ධවූ වට්ටෝරු කිහිපයක් නිර්මාණය කළ බවද සඳහන්

පසුව බැරැක් ඔබාමා වොෂින්ටනයෙන් පිටත්ව යාමට කාලය පැමිණි විට, ඔවුන් සමග එක්වන ලෙස කළ ඉල්ලීමට Tafari Campbell ත්‍යාගශීලීව එකඟ වූ බවද හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කරනවා

Share This