අනවසර විදුලි රැහැනක් නිසා ඌරගස්මංහන්දිය දෙදෙනකුට දිවි අහිමි වේ

අනවසර විදුලි රැහැනක් නිසා ඌරගස්මංහන්දිය දෙදෙනකුට දිවි අහිමි වේ

ඌරගස්මංහන්දිය පොලිස් වසමේ, කැරෑකැටිය ප්‍රදේශයේ වෙල්යායකදී ඌරන් මැරීම සඳහා අනවසරයෙන් අදිනු ලැබු විදුලි රැහැනක පැටලී මියගිය පුද්ලගයන් දෙදෙනකුගේ මලසිරුරු ඌරගස්මංහන්දිය පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ මෙම අනවසර විදුලි කම්බි අදින ලද බවට සැකපිට පුද්ගලයන් දෙදෙනකු ඌරගස්මංහන්දිය පොලිස්ථානය අත්අඩංගුවට ගත් බවයි.

විදුලි සැර වැදීමෙන් ජීවිත්ක්ෂයට පත්ව ඇත්තේ නාලක පුෂ්ප කුමාර නැමති ඌරගස්මංහන්දිය, පොළ අසල, පදිංචි 42 හැවිරිදි විවාහක අයෙකු බවයි.

අනෙක් පුද්ගලයා චතුරංග විජේසේකර නමැති ඌරගස්මංහන්දිය, පොළ අසල පදිංචි තිස් නව හැවිරිදි අවිවාහක අයෙක්.

Share This