අනාරක්ෂිත විදුලි වැටකට තවත් වන අලියෙක් බිළි වේ

අනාරක්ෂිත විදුලි වැටකට තවත් වන අලියෙක් බිළි වේ

අම්පාර හිඟුරාන ප්‍රදේශයේ කුඹුරක ආරක්ෂාවට ඉදිකළ අනවසර විදුලි වැටක ගැටී අද අලුයම වන අලියෙකු මිය ගොස් තිබුණා.

ගම්වාසීන් චෝදනා කරන්නේ වනජීවි නිලධාරීන් වන අලි ගැටලුවට මැදිහත් නොවීම හේතුවෙන් ගොවි ජනතාව අනවසර විදුලි රැහැන් ඇදීමට පෙළඹීම මෙම වන අලි මරණයන්ට හේතු වී ඇති බවයි.

වන අලියා මියගොස් සිටි කුඹුරේ ආරක්ෂාවට ඒ අසල නිවසේ සවි කළ විදුලි පරිපථයක් භාවිතා කර අදාල අනාරක්ෂිත විදුලි වැට ඉදි කර තිබූ අතර අද අලුයම පැමිණි වන අලියා එහි ගැටීමෙන් විදුලි සැර වැදී මෙලෙස මිය ගොස් තිබුණා.

Share This