අන්තර්ජාල ගනුදෙනුවලදී OTP අංකය වෙනත් අයෙකුට දීමෙන් වළකින්න

අන්තර්ජාල ගනුදෙනුවලදී OTP අංකය වෙනත් අයෙකුට දීමෙන් වළකින්න

අන්තර්ජාලය මඟින් ගනුදෙනු කිරීමේ දී සිදුවන වංචනික ක්‍රියාවන්ට හසු නොවන ලෙස ශ්‍රී ලංකා පොලීසිය මහජනතාවට දැනුම් දෙනවා

එම කේතය ඇතැම් පුද්ගලයින් විසින් සමාජ මාධ්‍ය තුළ වට්ටම්, ත්‍යාග සහ දිනුම් ඇදීම ආදිය ලබා දෙන බවට පවසමින් ප්‍රසිද්ධ සන්නාම සහ සේවා ලෙස පෙනී සිටිමින් සංසරණයවන ව්‍යාජ වෙළෙඳ දැන්වීම්වලට හසුව, ව්‍යාජ වෙබ් පිටු වෙත යොමු වී එසේ තමාට ලැබෙන කේත අංක ලබා නොදෙන ලෙසයි පොලිසිය ගනුදෙනුකරුවන් වෙත දැනුම් දෙන්නේ

එමෙන්ම ඇතැම් ගනුදෙනුකරුවන් නොදැනුවත්කම මත තෙවන පාර්ශ්වයන් වෙත අදාළ කේත අංක ලබා දීම සිදු කරන බවට නිරීක්ෂණය වී තිබෙන බවයි පොලිසිය පැවසුවේ

අන්තර්ජාලය භාවිත කරමින් මාර්ග ගත ක්‍රමයට (online) බැංකු ගනුදෙනු කිරීමේ දී ගනුදෙනුකරු හඳුනාගැනීම සහ එම ගනුදෙනුවේ සුරක්‍ෂිතතාවය තහවුරු කිරීම සඳහා අදාළ බැංකු ආයතනය මඟින් එක් වරක් පමණක් ලබා දෙන කේත අංකයක් (OTP) ගනුදෙනුකරුවන් වෙත ලබා දීම සිදු කරනු ලබනවා

මෙවැනි සිද්ධීන් රාශියක් මේ වන විට වාර්තා වී ඇති බැවින් මෙම වංචනික ක්‍රියාවන්ගෙන් ආරක්ෂා වීමට අදාළ බැංකු මඟින් ලබා දෙන මාර්ගෝපදේශ නිවැරදිව අනුගමනය කරන ලෙසයි පොලිසිය මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ

Share This