අන්තර්වාර ආණ්ඩුවක් පත් කරන්නේ නම් එය තමාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය යුතු බව අගමැති කියයි (වීඩියෝ)
අන්තර්වාර ආණ්ඩුවක් පත් කරන්නේ නම් එය සිදුවිය යුත්තේ තමාගේ ප්‍රධානත්වයෙන් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
මාධ්‍යවේදීන් නැඟු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළා.
මේ අතර ගාලුමුවදොර විරෝධතාවයේ නිරත විරෝධතාකරුවන්ට සාකච්ඡා සඳහා මෙහිදී අග්‍රාමාත්‍යවරයා යළිත් ආරාධනා කළා.
එහිදී අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ සාකච්ඡා සඳහා ඕනෑම මොහොතක අරලියගහ මන්දිරය විවෘතව ඇති බවයි.