අන්නාසි හා කුකුළු කර්මාන්තය ආශ්‍රිත නිෂ්පාදන චීන වෙළෙඳපොළට අපනයනයට පැවති බාධක ඉවතට

අන්නාසි හා කුකුළු කර්මාන්තය ආශ්‍රිත නිෂ්පාදන චීන වෙළෙඳපොළට අපනයනයට පැවති බාධක ඉවතට

මෙරට නිෂ්පාදනය කෙරෙන කුකුළු මස් හා බිත්තර මෙන්ම අන්නාසි චීනයට අපනයනය සඳහා දීර්ඝ කාලයක් තිස්සේ පැවැති බාධක මේ වනවිට චීන රජය විසින් ඉවත් කර තිබෙනවා

පසුගියදා මෙරටට පැමිණි චීන මහජන සමූහාණ්ඩුවේ රේගු පරිපාලනය පිළිබඳ උප අමාත්‍ය Wang Lingjung මහතා ඇතුළු නියෝජිත පිරිස සමඟ කළ සාකච්ඡාවේ දී මෙම එකඟතාවය පළ කළ බවයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේ

ඒ අනුව අවශ්‍ය තරම් කුකුළු මස් හා බිත්තර මෙන්ම අන්නාසි චීන වෙළෙද‍පොළට අපනයනය කිරීමට ශ්‍රී ලංකාවේ අන්නාසි වගා කරුවන්ට මෙන්ම කුකුළු නිෂ්පාදන කර්මාන්තකරුවන්ට ඉඩ හිමි වනවා

මේ අතර මෙරට නිෂ්පාදනය කෙරෙන ඉහළ ගුණාත්මකභාවයෙන් යුත් කවර කෘෂි නිෂ්පාදනයක් වුව ද අපනයනය කිරීම සඳහා චීනයේ වෙළෙදපළ අවස්ථාවන් ශ්‍රී ලංකාවට පුළුල් කිරීමට චීන රජය කටයුතු කරන බවට චීන උප අමාත්‍යවරයා සහතික වූ බව ද අමාත්‍යවරයා පැවසුවා

Share This