
අනාගත ආපදා නිරීක්ෂණයේ හැඩය ගැන අග්‍රාමාත්‍යවරිය ගෙන් පැහැදිළි කිරීමක්
ඩිජිටල් ආපදා නිරීක්ෂණය සහ ක්ලයිමේට්-ස්මාර්ට් කෘෂිකර්මාන්තය ඇතුළු තාක්ෂණික සහ නවෝත්පාදන වැඩසටහන් ප්‍රජාවන්ට කාලගුණික විපර්යාසවලට යහපත් ලෙස ප්‍රතිචාර දැක්වීමට උපකාරී වන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසනවා.
ඇය පෙන්වා දෙන්නේ පාරිසරික හා සමාජීය අභියෝග සඳහා විසඳුම් ලබා දීම සඳහා ජාතික පර්යේෂණ සහ සංවර්ධන ආයතනයක් සහ කවුන්සිලයක් පිහිටුවීම හරහා ජාතික පර්යේෂණ සහ නවෝත්පාදනයන්ට ප්‍රමුඛත්වය දෙමින් 2026 වසරේ අයවැය හරහා මෙම දැක්ම ශක්තිමත් කරන බවයි.
කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ (BMICH) දී ඊයේ (18) ආරම්භ වූ 28 වන “ආසියා පැසිෆික් කලාපීය සමාජ සේවා වැඩමුළුව 2025″ හි සමාරම්භක අවස්ථාව අමතමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය මෙම අදහස් පළ කළා.
ජාතික සමාජ සංවර්ධන ආයතනය (NISD) සහ ශ්‍රී ලංකා සමාජ කාර්යයන්හි නියුතු වෘත්තීයවේදීන්ගේ සංගමය (SLAPSW) විසින් සංවිධානය කරන ලද මෙම සමුළුව එළඹෙන 21 දක්වා කොළඹ දී “දේශගුණික විපර්යාස සහ අනෙකුත් පාරිසරික ගැටළු සඳහා සමාජ කාර්යයන්හි ප්‍රතිචාර” යන තේමාව යටතේ පැවැත් වෙනවා.
උත්සව අවස්ථාව ඇමතූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,
” ශ්‍රී ලංකාව නිරන්තරයෙන් වෙරළ ඛාදනය, අනපේක්ෂිත මෝසම් වැසි, නාගරික ගංවතුර, නියඟ වගේම කෘෂිකර්මාන්තයට, ධීවර කර්මාන්තයට සහ ග්‍රාමීය ප්‍රජාවන්ට සෘජුවම බලපාන අනෙකුත් දේශගුණික ආශ්රිත අභියෝගවලට මුහුණ දෙනවා. මෙම පාරිසරික වෙනස්කම් හේතුවෙන් සමාජ අසමානතාවයන් තවත් උග්‍ර වෙනවා වගේම ඒ නිසා ගොවීන්, ධීවරයින්, වතුකරයේ ප්‍රජාවන් සහ අනෙකුත් ආන්තික කණ්ඩායම්වලට අහිතකර ලෙස බලපානවා.
මෙම අභියෝගවලට මුහුණ දීමේදී සමාජ සේවකයින් විශාල කාර්යභාරයක් ඉටු කරනවා. ආපදාවල දී ක්ෂණික ආධාර, මනෝ සමාජීය සහාය මෙන්ම දිගුකාලීන පුනරුත්ථාපන පහසුකම් සපයමින් එම අවස්ථාවල දී බොහෝ විට පළමු ව මැදිහත් වන්නේ ඔවුන්. ශ්‍රී ලංකාවේ සමාජ සේවකයින් ප්‍රජා බලගැන්වීමේ හැකියාව ශක්තිමත් කරනවා වගේම තරුණ පරපුර සහ කාන්තාවන් බලගැන්වීමට සහාය වෙනවා. ඒ වගේම පරිසරය වෙනුවෙන් පෙනී සිටිනවා.
දේශගුණික අනුවර්තනය, සමාජ ආරක්ෂාව සහ ප්‍රජා බලගැන්වීම එකට එකතු කරන ඒකාබද්ධ ප්රවේශයන් හරහා රජය මෙම උත්සාහයන්ට සහාය දක්වනවා.
ශ්‍රී ලංකාව පුරා, සිසුන් පාසල් පාදක කරගත් දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් වන සමාජවලට සහභාගී වෙනවා. ඒ වගේම දැනුවත් කිරීමේ වැඩසටහන් මෙහෙයවනවා. ප්‍රජා පිරිසිදු කිරීමේ වැඩසටහන් සංවිධානය කරනවා. පාසල් මට්ටමේ ළමා සමාජ සහ ජාතික තරුණ සේවා සභාව හරහා තරුණ තරුණියන්, විනාශ වී ඇති භූමි ප්‍රදේශ ප්‍රතිසංස්කරණය කිරීම සහ අවදානමට ලක්විය හැකි ප්‍රජාවන් ආරක්ෂා කිරීම සඳහා මහා පරිමාණයෙන් ගස් සිටුවීම් සහ වන වගා කිරමේ මුලපිරීම්වල නිරත වෙනවා.” යනුවෙන් අග්‍රාමාත්‍යවරිය පැවසුවා.
මෙම අවස්ථාවට ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ, ජාත්‍යන්තර සමාජ වැඩ සම්මේලනයේ ආසියා-පැසිෆික් සභාපති මහාචාර්ය Machiko Ohara සහ අනෙකුත් සම්භාවනීය අමුත්තන් සහභාගී වූණා.
– උණුසුම් පුවත් ඔබගේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ඔබේ ඩයලොග් දුරකථනයෙන් REG හිස්තැනක් LIVE ලෙස TYPE කර 678 ට SMS කරන්න.
– ඉංග්‍රීසි භාෂාවෙන් පුවත් ගෙන්වා ගැනීමට ඔබේ ඩයලොග් දුරකථනයෙන් REG හිස්තැනක් ELIVE ලෙස TYPE කර 678 ට SMS කරන්න.
