අනිසි ප්‍රචාරණ වලට නොරැවටී ළදරුවන්ට මව් කිරි දෙන්නැයි සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලීමක්

අනිසි ප්‍රචාරණ වලට නොරැවටී ළදරුවන්ට මව් කිරි දෙන්නැයි සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලීමක්

සෞඛ්‍ය අමාත්‍යාංශය අවදාරණය කරන්නේ මේ කාලය තුල දරුවන්ට මව් කිරි වලට අමතරව ජලයවත් ලබා නොදෙන ලෙසයි.

කුමන ආපදා තත්ත්වයක වුවද මව ජීවත්ව සිටීනම් මව් කිරි නිපදවන අතර දරුවා අසල මව නොමැති විශේෂ තත්ත්වයක දී හැර දරුවාට මව් කිරි දීම කරන මෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය තවදු‍රටත් දැනුම් දෙනවා.

ආපදා තත්ත්වය හමුවේ ඇතැමුන් පිටි කිරි,ළදරු පිටි කිරි,කිරි බෝතල් ප්‍රවර්ධනය කරනු නිරීක්ෂණය වී ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමත්‍යාංශයේ මාතෘ හා ළමා සෞඛ්‍ය අධ්‍යක්ෂ , පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය චන්දිම සිරිතුංග මහතා සියලු පර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින්නේ එසේ ළදරු කිරි පිටි ප්‍රවර්ධනය කිරීම, ආපදා සහන සමග බෙදා නොහරි ලෙසයි.

Share This