අනුරාධපුරය රාත්‍රී භාණ්ඩ ප්‍රවාහන දුම්රියේ ගැටී  වන අලියෙක් මරුට

අනුරාධපුරය රාත්‍රී භාණ්ඩ ප්‍රවාහන දුම්රියේ ගැටී වන අලියෙක් මරුට

කොළඹ කොටුවේ සිට අනුරාධපුරය දක්වා භාණ්ඩ ප්‍රවාහනය කරමින් තිබූ දුම්රියක ඊයේ රාත්‍රියේ කාලයේදී දුම්රියේ ගැටී වන අලියකු මිය ගොස් තිබෙනවා.

අඹන්පොල – ගල්ගමුව අතර මීඔය පාලම අසල දී මෙම වන අලියා දුම්රියේ ගැටී තිබුණා.

වන අලි රංචුපිටින් මෙම මාර්ගය හරහා ගමන් කරන අතර දැනුවත් කිරීමේ සංඥා පුවරුද සවිකර ඇතත් විවිධ අවස්ථාවන්වල දී මෙලෙස දුම්රියේ ගැටෙන බවයි අප වාර්තාකරු පැවසුවේ.

අප වා‍ර්තාකරු පැවසුවේ වසර දහයක් ඇතුළතදී දුම්රියේ ගැටී මෙම ප්‍රදේශයේ සිදු වූ විසි වැනි අලි මරණය මෙය බවයි.

ඊ‍යේ වන අලි දෙදෙනෙක් දුම්රියේ ගැටී ඇතත් එක් අලියකු දුම්රියේ සිරවී මිය ගොස් ඇති අතර අනෙක් අලියා තුවාල වී කැලේට යන්නට ඇතැයි ගල්ගමුව අඩවි වනජීවී නිලධාරීන් සඳහන් කළා.

Share This