අනුරාධපුරේට විදුලි මනු කියවන්නන් ප්‍රශ්නයක් (VIDEO)

අනුරාධපුරේට විදුලි මනු කියවන්නන් ප්‍රශ්නයක් (VIDEO)

අනුරාධපුර ගලෙන්බිදුණුවැව ප්‍රදේශ කිහිපයක විදුලි මනු කියවන්නන්ගේ අත්තනෝමතික මනු කියවීම හේතුවෙන් විදුලිබල මණ්ඩලය මෙන්ම එම ප්‍රදේශවල ජනතාවද දැඩි අසීරු තත්ත්වයකට මුහුණ පා සිටිනවා.

ජනතාව චෝදනා කරන්නේ මේ හේතුවෙන් අසාධාරණ ලෙස ඉහළ අගයකින් යුත් විදුලි බිල්පත් ගෙවීමට තමන්ට සිදුව ඇති බවයි.

අනුරාධපුර, ගලෙන්බිදුනුවැව, උල්පත් පාර හා මහසෙන්පුර ප්‍රදේශයේ ජනතාව සිය ජීවිකාව ලෙස ගොවිතැන් කටයුතු සිදුකරනු ලබනවා.

අගහිඟකම් රැසක් මැද දිවි ගෙවන මෙම ප්‍රදේශවල පවුල් 30 ක පමණ නිවෙස්වල විදුලිබල මණ්ඩලයේ මනු කියවන්නන් විසින් අත්තනෝමතිකව විදුලි මීටරය නොබලා විදුලි බිල්පත් සකස් කර ඇති බවට එම ප්‍රදේශවල ජනතාව චෝදනා කරනවා.

2020 වසරේ සිට 2024 අප්‍රේල් මාසය දක්වා කාලය තුළ සිදුවී මෙම වැරදි මනු කියවීම හේතුවෙන් තමන් දැඩි දුෂ්කර තත්ත්වයකට මුහුණ පා ඇති බැවින් තමන්ට සාධාරණ විසඳුමක් ලබාදෙන ලෙසයි එම ජනතාව ඉල්ලා සිටින්නේ.

Share This