
අනුරාධපුර ජනතාවට කවන්න හැදූ කුණු එළු මස් කිලෝ 12000 ක් මහජන පරීක්ෂකවරුන් සීල් තබයි
ගංවතුරින් ආපදාවට ලක් වී මිනිස් පරිභෝජනයට නුසුදුසු තත්ත්වයට පත් වූ මස් කිලෝ ග්‍රෑම් 12000 ක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මුද්‍රා තබා තිබෙනවා.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගංවතුර සහ විදුලිය ඇන හිටීම නිසා මිනිස් පරිභෝජනයට නුසුදුසු මෙම මස් තොගය සොයාගත් බවයි.
මෙම මස් තොගය සම්බන්ධයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ක්ෂනික ඇමතුම් අංකයට (1926) ලද පැමිණිල්ලකට අනුව අදාල සත්ව ගොවිපළ මහජන පරීක්ෂකවරුන් පරීක්ෂාවට ලක් කර මස් තොගයට මුද්‍රා තබා තිබෙනවා.
මුද්‍රා තැබූ එළු මස් කිලෝ ග්‍රෑම් 12,000 ට අදාල සාම්පල අද (08) රජයේ රසපරීක්ෂක වෙත ඉදිරිපත් කර වාර්තාවක් ලබාගැනීමෙන් පසුව නීතිමය පියවර ගැනීමට නියමිතව තිබෙනවා.
ශ්‍රී ලංකා මහජන පරීක්ෂකවරුන් ගේ සංගමය පවසන්නේ මේ සම්බන්ධයෙන් අදාල පැමිණිලි වේ නම් 1926 අංකයට දැනුම් දෙන ලෙසයි.
