අනුරාධපුර බන්ධනාගාර අධිකාරි 23 දක්වා රිමාන්ඩ්

අනුරාධපුර බන්ධනාගාර අධිකාරි 23 දක්වා රිමාන්ඩ්

සිරකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීමට වත්මන් රජයේ අවධානය යොමුව ඇති බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා ස්වර්ණවාහිනිය ඔස්සේ විකාශය වූ රතු ඉර කාලීන දේශපාලන සංවාදයට එක්වෙමින් පැවසුවා.

මේ අතර ජනාධිපති පොදු සමාව අවභාවිතා කරමින් අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියෙකු නිදහස් කිරීමේ සිද්ධියට අදාලව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අනුරාධපුර බන්ධනාගාර අධිකාරි මොහාන් කරුණාරත්න එළැඹෙන 23 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

අදාල සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය ද අත්අඩංගුවට ගැනුණේ මෙම සිද්ධි පදනම් කරගෙනයි.

ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 25 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.
—-
මේ අතර ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී සිය පෞද්ගලික ජංගම දුරකථනයේ බිල වන රුපියල් 240 000කට ආසන්න මුදලක් රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ අරමුදල් වලින් ගෙවීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද යන අයට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුව සැප්තැම්බර් මස 25 වනදා විභාගය සඳහා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද නියම කළා.

Share This