
අනුරාධපුර භික්ෂු විශ්ව විද්‍යාලයේ භික්ෂූන් වහන්සේ 500 නමකට අමෙරිකාවෙන් මූල්‍යාධාර
මේ කඨින පිංකම් සිදුකෙරන සමයේ ඇමරිකා එක්සත් ජනපදයේ ජිවත්වන වියට්නාම ජාතික බෞද්ධ දූත පිරිසක් ශ්‍රි ලංකාවේ සංචාරයක නිරතවී සිටිනවා.
මෙම බෞද්ධ දූත පිරිස ස්වාමීන් වහන්සේලා, මෙහෙණින් වහන්සේලා ප්රමුඛ 86 දෙනෙකුගෙන් සමන්විතයි.
ඇමරිකානු බෞද්ධ දූත පිරිස අද අනුරාධපුර රුවන්වැලිසෑය විහාරාධීපති, රජරට විශ්වවිද්‍යාලයේ කුලපති පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥානතිලක නාහිමියන් බැහැදුටුවා.
මෙහිදී අනුරාධපුර භික්ෂු විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබන භික්ෂූන් වහන්සේ 500 නමකට ඉදිරි අධ්‍යාපන කටුයුතු සඳහා මූල්යආධාර ලබාදීමට මෙම බෞද්ධ ධූත පිරිස ඉදිරිපත්ව තිබෙනවා.
මෙම දූත පිරිසට නායකත්වය ලබා දෙන්නේ, ඇමරිකාවේ ටෙක්සාස්හි සෙන් ඇන්තෝනියෝ ලියන් හෝවා (Lien Hoa) බෞද්ධ විහාරයේ පූජ්‍ය THIEN ස්වාමින් වහන්සේයි.
ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ සෙන් ඇන්තෝනියෝ බෞද්ධ විහාරයේ රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති පූජ්‍ය උඩුමුල්ලේ සරණපාල ස්වාමීන් වහන්සේගේ උපදෙස්, මඟපෙන්වීම සහ අනුශාසනා පරිදියි එම බෞද්ධ දූත පිරිස ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන්නේ.